ජීවිතය….

ජීවිතය  යනු  ඝන  කැළෑවකි,
එම  කැළෑව  තරණය කරද්දී
සුන්දර  මල්  සේම…….
අසුන්දර  කටු  පදුරුද
හමුවනු  ඇත…..
සුන්දර වූ මල් ජය   ලෙසත්…
අසුන්දර  කටු  පදුරු බාධක ලෙසත්….
හොදින්  තේරුමි  ගෙන
ඝන  කළෑව  තරණය
කරන්නට…
අභියෝගාත්මක  ජීවිතයකට
පිය  නගන්නට……
අපි  සැම  අත්වැල්  බදිමු
එයින්  අප  සැමට…
ජය  නියතයි.

Posted in Uncategorized | Tagged , | Leave a comment

බලාපොරොත්තුව.

පරතෙරක් නොමැත
අරමුණක් නොමැත
දවසින් දවස අලුත් වෙවී
ජීවත් කරවන්නේ නුඔයි අප

දහසකුත් දේ ඇත ඉටුකර ගන්න
සැමදා වෙහෙසුනේ නුඔ ඉටු කරගන්න
කෙතරම් ඉටු වුණත්
කිසිම අඩුවක් නෑ වැඩි වීම් මිසක්

විටකදී නුඔව සුන්වී යයි
තවත් වරෙක මතකයන් තබා යයි
අපගේ තනි නොතනියට
නුඔ අප ලගමයි සැමදා.

Posted in Uncategorized | Leave a comment

අම්මා

දුකකදී  නෙතට විත් දුක නිවූ
කදුල මෙන්
ම‍ගේ ළග හිද මගේ සිත සැනසුවේ
නුඹමය….

සතුටකදී නෙතට ඉනු සතුට පිරි
කදුල මෙන්
සතුට බෙදා ගත්තේ ද
නුඹමය…

තනිකම පාලුව හිත පෑරූ විට
මගේ තනිය මකන්නට
වෙරදැරුවේ
නුඹමය..

මගේ ආයුත් රැ‍ගෙන
සසර හැම භවයක්ම ඔබම වේවා
මගේ අම්මා….

Posted in Uncategorized | Leave a comment

ආසාව…

කළු අප්පු ඉහෙන් කණින් දාඩිය පිසිමින් ආරච්චි වත්තේ  පොල්වලවල් හාරමින් උන්නේය. සරමේ කෙනකින් උත්සාගෙන කළු අප්පු දිහා බලාගෙන ආරච්ච‍ිල කතාවකට මුල පිරුවේය.

     “ බලාපන් කළු අප්පු මගේ මේ පොල් කෑල්ලට කාගේ ඇස්වහ වැදිලද මන්දා… පොල් ගස් හේබාල ගිහින්….”

“ආරච්චිල පොල් ගස් මුදුන් වෙතට දෑස් යොමු කරමින් හීල්ලුවේය.”

කවුරු ඇස් වහ ගන්නද  ආයිබෝ….ඔය අපූරුවට ගෙඩි පිරිලා තියෙන්නේ…..
කළු අප්පු සරුසාර ලපාල් ගසක් වෙත අත දිගු කලේය.

අනේ අම්මපා උඹේ කටත්…ඔය වගේ ද  බං ගස්වල ගෙඩි

හැදෙන්නේ…

තරහ ගන්න කාරි නෑ  ආයිබෝං……‍මගේ මේ අත් දෙකෙන් හිටෝන පැළයක් සහසුද්දෙන් ඵල දරනවා….

ම්..ම්…  එහෙනම් දවසක් උඹ මගෙන්  ඇන්න ගිය අඔ පැලෙත් දැන් ඵල දරනවා ඇති නෙවැ……

ඇත්තමයි ආරච්චි මහත්තයෝ… ඇස්වහක් කටවහක් නෑ..ගහ පිරෙන්න  ඵල දරලා..ගෙඩිය දෙක බිම වැටෙන්නත් අරගෙන..

කළු අප්පු යටැසින්  ආරච්චිලා දෙස බැලුවේ ආරච්චිගේ ඊලග පියවර කුමක්දැයි අනුමාන කරමිනි.

ඇත්තට බොලල්ලා මී අඹයක් කාපු කාලයක් නෑ….මටත් ගෙඩියක් අරන් වරෙන්කො කන්න…

ඇයි අර වැට අද්දර ගහත් පල දරල තියෙනවා නෙවැ….

කළු අප්පු කෙදිරැවේය.

ඔය ගෙඩි ටික ඔහේ තිබුනාදෙන්… කඩ පොලට දීලා කීයක්  හරි  ගන්න පුළුවන්…උඹේ ගහෙන් වැටෙනවාය  කිවුව ගෙඩි ඉදිලද….?  ආරච්චිල වටින් ගොඩින් වෙනත් කතාවකට මුල පිරුවේය.

ඔය සමහර  ඒවා…
ඉතින් උඹ ඒවට මක් කරන්නද
මොනව කරන්නද ඉතින් ඒව විසි කරල දානවා…
අනේ අපොයි.. ම් අඔ….
ආරච්චි හීල්ලුවේය.
මි අඹ කියලා ඉතින් බිම වැටෙන ඒවනේ..මොනව කරන්නද…  කළු අප්පොට පොටක් පෑදිගෙන එන බව වැටහුනේය.

ඉතින් කළු අප්පො ඒවට මනාප නැත්ද…
ඔහේ නෑ … ඔය අහල පහල කොලුකුරුට්ටො නම් ඇන්න යනවා..බිම වැටෙන ඒවාට මගේ පිරියක් නෑ…

අනේ ඉතින් කළු අප්පුවෝ… ඔය වැටෙන ගෙඩි එක  දෙක අහුලගෙන වරෙන්කෝ බලන්න..උඹ ඉතින් හැමදාම මේ පැත්තට එන එකනේ…

බිම වැටෙන ගෙඩි.. කමක් නැද්ද ..
කමක් නෑ බං.. කමක් නෑ.. උඹ ඇන්න වරෙන්නකෝ..කාටවත් නොකීවට කාරී නෑ…
පසුදා කළු අප්පු පන් මල්ලකට දැමූ අඹ කිහිපයක් ආරච්චි අත තැබුවේය.
ඕව තමයි ඕං අපේ ගහෙන් බිම වැටෙන ඒවා…
දින කිහිපයක්ම කළු අප්පු ආරච්චිලට  අඹ රැගෙන ආවේය.
ආරච්චිල දැන් අඹ කන්න මනාප නෑ වගේ… කළු අප්පු විමසුවේ මිදුලේ කොනක ගොඩ ගොඩ ගැසා තිබුනු කුණු අඹ ගොඩ දෙස බලම්නි.
ම්..ම්… මගේ කට වැරදුනා බං … මක් කරන්නද..
ආරච්චිල සරම කැසපට ගන්වාගෙන මිදුලට බැස්සේය.”

Posted in Uncategorized | 1 Comment

උපාධිය….

නැගිට හිමිදිරියේ ම
කහට ටික ගිල දමා
ගොමිමන දා එනතුරා
බිම් කෙටු අප්පච්චි
පුතේ උඹ ඉගනගෙන
කවද හරි සිදාදියේ
ලොකු මහත්තය වෙයන්
මට කියූ අප්පච්චි
සය වසක් සරසවියෙ
දුස්කර ක්‍රියා කොට
ජය ලබා එනතුරු මම
සිහින බැලු අප්පච්චි
එකට සිටි අනිත් උන්
‍ලොකු මහත්තුරැ වෙද්දි
එපා උඹ දුක් වෙන්න
කියු මගෙ අප්පච්චි
අලි එක්ක පොර බදා
හේනෙ පැල් කොටේ ළග
සිහින පොදි දියවෙලා
මියඇදුන අප්පච්චි
ලබා ගත් උපාධිය
අතමිට ගුලි කරන්
හත් දෙනකු රකින්නට
මමත් පැල් රකින්නම්
උඹ වගේ අප්පච්චි

Posted in මගේ කවි සිතුවිලි | 2 Comments

මිතුරු බව……….

තනිව සිටි එක් ‍මො‍හොතක
වුවන සිපගෙන ගිය පවන
කීවා මට රහසක්
“කවදා හෝ වෙන් වෙවී කියා”
හද නැවතුනා සේ දැනුණි
මුළු හදම හඩා වැවුණි
අහිංසක මුහුණ දෙස බලා සිටි
සදු කීවා මට තව දෙයක
“නොවේවා සෝ සුසුම්”
නොතේරුණු මේ වදන්
මුළු හදම කම්පා කළා
සදු පවන යළි කතා කළ
කීවේ මට තව දෙයක්
“ඒ මිතුරු කම” කියා
නොසන්සුන් ඒ නිමේෂයේ
සිහිවුණා මට සිසුවියක්
මගේ සිත මට කීවා ඒ
“ඔබ කියා”

Posted in Uncategorized | Leave a comment

ceylon junglefown.

Endemic-Widespread up to the mountains in surviving forest tracts. Best seen in the dry zone national parks, especially early in the morning when they are seen besides the roads. Extremely nervous in The wet –zone forests, except in protected forests where they are habituated to handouts. The female is brown with barred wings. The male can be mistaken for a domestic cockerel. The neck and mantle are golden. Males are quite aggressive to other males. The call is a tremulous chuk-r-chuk-chikik with an incredulous sounding intonation.

Posted in Uncategorized | Leave a comment